පරිප්පු හා ටින් මාළු සඳහා පැනවු උපරිම සිල්ලර මිල ඉවතට

මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබීය.
එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එම උපරිම මිල සීමාව ඉවත් කර තිබේ.
කෙසේ වුවද ලොකු ළුණු කිලෝග්‍රෑම් එකක් සඳහා නියම කළ රුපියල් 150 ක සිල්ලර මිල තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
748 Views
Comments