ගෑස් හිඟය අස්සෙ සිලින්ඩර සොරකම් කරන කල්ලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

ගෑස් හිඟය අස්සෙ සිලින්ඩර සොරකම් කරන කල්ලියක්

ගෑස් හිඟය අස්සෙ සිලින්ඩර සොරකම් කරන කල්ලියක්

පවතින ගෑස් හිඟය අතරතුර දොඩන්ගොඩ ප්‍රදේශයේ හිස් ගෑස් සිලින්ඩර සොරකම් කරන සොර කල්ලියක නායකයා ගෑස් සිලින්ඩර 07ක් සමගින් පෙරේදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත් අඩංගුවට පත්ව ඇත්තේ දොඩංගොඩ රේන්දපොල පොලැල්හේනෙහි පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු බව දොඩම්ගොඩ පොලීසිය පැවසුවා.

 

දොඩන්ගොඩ සිල්වර්ඩේල්වත්ත ලාෆ් ගෑස් අලෙවි නියෝජිත වරයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණවලදීයි මෙලෙස සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ.

 

පවතින ගෑස් හිඟය නිසා ගෑස් සිලින්ඩර පිළිබඳව අවධානයක් නොමැති බැවින් තවත් පුද්ගලයින් තිදෙනෙකු සමග එක්ව රාත්‍රී කාලයේ සොරකමේ නිරත වී ඇති බවට තහවුරුව ඇති බවත් අනෙක් සැකකරුවන් සොයා පරීක්ෂණ කරන බවත් වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවසුවා.

 

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද බණ්ඩාරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයෙන් කිත්සිරි දිසානායක සහ කොස්තාපල් නිරෝෂන් යන මහත්වරු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

views

745 Views

Comments

arrow-up