916 කට සුවයි - මෙරට සුවය ලැබූවන් 59,000ට ආසන්නයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

916 කට සුවයි - මෙරට සුවය ලැබූවන් 59,000ට ආසන්නයි

916 කට සුවයි - මෙරට සුවය ලැබූවන් 59,000ට ආසන්නයි

මෙරට කොරෝනා ආසාදිත සුවය ලැබූ සංඛ්‍යාව 58,000 ඉක්මවා ගොස් තිබෙනවා.

 

ඒ අද කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 916 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 58,075 දක්වා ඉහළ ගියා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 5,766 ක් වනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 64,157 ක්.

 

දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත ආසාදිතයින් 60,174 ක් ලෙස වාර්තා වනවා.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 313 ක්.

 

 

views

677 Views

Comments

arrow-up