ජපන් කෝටිපති දියණිය පැහැරගෙන විත් ‘ගැබිණියක් කළ තරුණයාට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

ජපන් කෝටිපති දියණිය පැහැරගෙන විත් ‘ගැබිණියක් කළ තරුණයාට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න

ජපන් කෝටිපති දියණිය පැහැරගෙන විත් ‘ගැබිණියක් කළ තරුණයාට අධිකරණයෙන් දුන්  තීන්දුව මෙන්න

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දියණියක් ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

එමෙන්ම, එම බාල වයස්කාර දැරිය පරිවාස භාරයට යොමු කිරීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.

 

ඇය මේ වනවිට පස්මස් ගැබිණියක්.

 

එමෙන්ම, මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

 

මොවුන් මීට මාස පහකට පෙර දිවයිනට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික දියණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට ප්‍රශ්ණ කිරිම්වලදී අනාවරණය වී ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

 

ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

 

 

 

views

626 Views

Comments

arrow-up