ගෝඨාභය සහ මහින්ද කියන්නේ අලි සබ්‍රිගේ වහල්ලු..! – ඕමල්පේ සෝභිත හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යනු අලි සබ්‍රි ඇමතිවරයාගේ වහලුන් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා.
ඒ,ඊයේ (29) බහුජන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුව විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුව අමතමින්.
අලි සබ්‍රි වැනි එක් පුද්ගලයෙක් වටේ රජය පාලනය ගැන බරපතල තීන්දු ගැනීම සීමා කර ඇත්තේ රාජපක්ෂ පවුලේ ප්‍රශ්න විසඳීම අලි සබ්‍රි විසින් භාර ගැනීම නිසාද යන්න උන්වහන්සේ විමසා සිටින අතර එක් පුද්ගලයෙක් වටා සමස්ත ශ්‍රී ලංකාවේ ආර්ථික බලය මෙන්ම අධිකරණ බලය ගොණු කිරීම ගැන සියලුම දෙනා ලැජ්ජාවට පත්විය යුතු බවයි උන්වහන්සේ කියා සිටින්නේ.
692 Views
Comments