ඡන්ද ලේඛනයේ නම නැත්නම් කියන්න

2020 ඡන්ද හිමි නාමලේඛණයේ තම නම අන්තර්ගතව නොමැති නම් ලබන 21 වැනිදා සිට නොවැම්බර් 17 දක්වා ඒ පිළිබඳව දැනුම්දීමට අවස්ථාව හිමිවනවා.
එසේම, අදාළ කාලසීමාව තුළදී විරෝධතා දැක්වීමට ද හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ අර ඇත්තේ.
මේ වනවිටත් එම ඡන්ද හිමි නාමලේඛණය දිසාපති කාර්යාල, මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය සභාවල මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාලවලද ප්‍රදර්ශනය කර තිබෙනවා.
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම තරුණයින්ට ඡන්ද අයිතිය ලැබෙන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන තරුණයින්ගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස 04 කට වරක් සකස් කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.
691 Views
Comments