“ QR එක නිසා ත්‍රීවීලර් අඩුවුණා, ඉන්ධනහල් වලට සාමය ආවා” - ඉන්ධනහල් සභාපති
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

“ QR එක නිසා ත්‍රීවීලර් අඩුවුණා, ඉන්ධනහල් වලට සාමය ආවා” - ඉන්ධනහල් සභාපති

“ QR එක නිසා ත්‍රීවීලර් අඩුවුණා, ඉන්ධනහල් වලට සාමය ආවා” - ඉන්ධනහල් සභාපති

උද්ගතව ඇති ඉන්ධන හිඟය මධ්‍යයේ එය කළමනාකරණයට පිළියම ලෙස යොදා ඇත්තේQR කේත ක්‍රමය සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මෙසේ අදහස් දක්වා ඇත.


 
QR කේත ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අපි සිදු කරනවා. මෝටර්රථ සඳහා වන පෝලිම්වල විශේෂ අඩුවක් නැතත් දැන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි පෝලිම්වල අඩුවක් දක්නට තියෙනවා. ඒ නිසා කලබලකාරී තත්ත්වයෙත් අඩුවක් තියෙනවා.

 

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි අඩුවුණා කියන්න හේතුවක් තියෙනවා.QR කේත ක්‍රමය නිසා එකම වාහනයට එකම දවසේ දෙවතාවක් ඉන්ධන ලබා ගන්න හැකියාවක් නැහැ .සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථ රියදුරන් දවසට දෙතුන් වතාවක් ඉන්ධන ගන්නවා. ඒක තෙල් බානවා කියන තැනට ලඝු කරන්න බැහැ. ඔවුන්ගේ වෘත්තිය අනුව ඒ විදිහට කරන්න සිද්ධවෙනවා. ඉන්ධන හිඟය ඇති වීමට පෙරත් ඔවුන් දවසකට දෙතුන් වරක් තෙල් ගහනවා. ඉන්ධන පිරවුම්හලකට මූලික වශයෙන් වැඩි ආදායමක් ලැබෙන්නේ ත්‍රිරෝද රථ නිසා කියලා අපි හඳුනාගෙන තියෙනවා.

 

QR කේත ක්‍රමය හඳුන්වා දීමට පෙර පොම්පකරුවන් අතයටින් මුදලට ඉන්ධනදීම සම්බන්ධයෙන්  චෝදනා එල්ල වුණා. නමුත් QR කේත ක්‍රමයට අනුව ඉන්ධන ලබාදීම නිසා එවැනි ක්‍රියාවන් සඳහා තිබුණ ඉඩත් නැති වෙලා ගිහිල්ලා තියෙනවා.QR කේත ක්‍රමය හඳුන්වාදීමට පෙර ඉන්ධන ලබා දීමේදී පොම්පකරුවන් තමන්ට අවශ්‍යය පරිදි එනම් ඉන්ධන ලබා දීමේ සිදුවීම් වාර්තා වුණත් , ඉන්ධන පිරවුම්හල් අයිතිකරුවන්ට හෝ කළමනාකාරවරුන්ට ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට අපහසුතා තිබුණා.

 

ලබා දෙන 6600ක ඉන්ධන ප්‍රමාණයෙන් කොයි තරම් ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද කියලා අපි පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි පොම්පකරුවන්ව දැනුවත් කරලා තියෙනවා .ඒ වගේම එවැනි අක්‍රමිකතා අවම කිරීමට බොහෝ අවස්ථාවලදී අපිත් අධීක්ෂණයක් කරනවා.

 

ඉන්ධන පිරවුම්හල් අසලට හමුදාව අවශ්‍යමයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ කටයුත්තේදී පොලිසිය විශාල රාජකාරියක් ඉටුකරනවා. ඔවුන්ගේ කැපවීම නිසා සාමකාමීව ඉන්ධන නිකුත් කිරීමට හැකි වෙනවා. පොලිසියේ සේවය තවදුරටත් අපිට අත්‍යවශ්‍යයි. සියලු‍ම ක්‍රියාකාරකම් නිවැරදි ලෙස සිදුවුණත් පෝලිම් පැනීම ගැටලු‍ සහගත තත්ත්වයන් තවමත් ඇති වෙනවා. එවැනි තත්ත්වයන් නියාමනය කරලා ,පෝලිම් නිවැරදි ආකාරයෙන් සකස් කරලා ඉන්ධන නිකුත් කිරීමට පොලිසියේ සහයෝගය අපිට තවදුරටත් අවශ්‍යය වෙනවා.

views

340 Views

Comments

arrow-up