පොදු ස්ථානවලට ඇතුළුවීමට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණයක් ?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

පොදු ස්ථානවලට ඇතුළුවීමට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණයක් ?

පොදු ස්ථානවලට ඇතුළුවීමට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණයක් ?

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය කටයුතු ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර අද(01) දිනයේ සිට එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

කෙසේ වෙතත් පොදු ස්ථාන, වෙළෙඳසැල්, ආපනශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ.

 

සමස්ත ජනගහණයෙන් 70%ක් මේ වන විට එන්නත්කරණයට ලක්කර ඇති අතර අවුරුදු 30 ඉක්ම වූ ජනගහණය සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

කෙසේ වෙතත් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළද ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

views

732 Views

Comments

arrow-up