TOYOTA Lanka ඇත්තටම ලබන වසරේ වාහන ගෙන්වනවාද? - වාහන ගෙන්වීම ගැන ආණ්ඩුවේ සැලසුම

වසර හතරකට අධික කාලයක් තිස්සේ වාහන ආනයනයට පනවා තිබූ තහනම නව රජය විසින් ඉවත් කරනු ලබනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබේ.
ඒත් සමග ම අලුතින් ගෙන්වන මාදිලි, ඒවායේ මිල ගණන්, බදු ප්‍රතිශත වැනි දෑ සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වන බව ද දැකගත හැකි ය.
වාහන ආනයනය කරන ඇතැම් සමාගම් නව රථවාහන මිල ගණන් දක්වමින්, ගනුදෙනුකරුවන්ට ලියාපදිංචි වන ලෙස දැනුම් දී තිබේ.
2020 මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව වාහන ආනයනයට පැනවූ තහනම මේ වන තෙක් ම ක්‍රියාත්මක වේ.
මේ අතර ටොයෝටා ලංකා සමාගම පවසන්නේ වාහන ආනයනයට පනවා තිබූ තහනම නව රජය විසින් ඉවත් කල වහාම වාහන ආනයනය ආරම්භ කරන බවයි.
153 Views
Comments