SEP
23
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවාගේ මරණයට හේතුව එළියට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවාගේ මරණ පරීක්ෂණය ඊයේ(22) මහනුවර ජාතික රෝහලේ සිදුකරන ලදී.
එහිදී දියේ ගිලීම නිසා හුස්ම සිරවීමෙන් මරණය සිදුව තිබෙන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් මහතා තීරණය කර තිබේ.
අංජන කුලතුංග (23) නැමැති සිසුවා පසුගිය 16 දින සිට අතුරුදන්ව සිටි අතර ඔහුගේ මළ සිරුර පසුගියදා පස්වරුවේ ගන්නෝරුව හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයා ගනු ලැබීය.
333 Views
Comments