ලෝකයටම අස්වැසිල්ලක් - පිළිකා සෛල විනාශ කරන ඔෟෂධයක් නිපදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

ලෝකයටම අස්වැසිල්ලක් - පිළිකා සෛල විනාශ කරන ඔෟෂධයක් නිපදවයි

ලෝකයටම අස්වැසිල්ලක් - පිළිකා සෛල විනාශ කරන ඔෟෂධයක් නිපදවයි

අවට ඇති සෞඛ්‍ය සම්පන්න පටකවලට හානි නොකරමින් පිළිකා සෛල සහ අනෙකුත් හානිකර බැක්ටීරියා විනාශ කළ හැකි ඖෂධයක් සාර්ථකව අත්හදා බැලීමට එඩිම්බරෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සමත්කම් දක්වා තිබෙනවා.

 

පිළිකා සෛල විනාශ කරන ඉතා කුඩා අණුව SenBD රසායනික ආහාර සංයෝගයක් සමඟ ඒකාබද්ධ කර ට්‍රෝජන් හෝස් වර්ගයේ ඖෂධයක් මෙසේ නිපදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

අදාළ පරීක්ෂණය මේ වන විට පරීක්ෂණාත්මකව මත්ස්‍ය විශේෂයක් සහ මිනිස් සෛල සඳහා අධ්‍යයනය කර ඇති නමුත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අදාළ ඖෂධය මුල් අවධියේ පිළිකා සහ ඖෂධවලට ඔරොත්තු දෙන බැක්ටීරියාවලට ප්‍රතිකාර කිරීමේ ආරක්ෂිත හා වේගවත් ක්‍රමයක් ද යන්න මේ වනවිට සොයා බලමින් පවතින බවයි.

 

 

මෙම ඖෂධය ට්‍රෝජන් අශ්වයකුට සමාන කළ එඩිම්බරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, එහි බලපෑම පරිවෘත්තිය යුද නෞකාවකට සමාන කර තිබෙනවා. ඒ අනුව එම ඖෂධය මගින් හොර රහසේම පිළිකා සෛල පටක වෙත ඇතුළු වී ඒවා අභ්‍යන්තරයේ සිට විනාශ කිරීම සිදුකරනු ලබනවා.

 

මෙහි ඇති විශේෂත්වය නම් ශල්‍ය වෛද්‍යවරයෙකුට ඖෂධය බලගැන්වීමට අවශ්‍ය විටදී එය නිශ්චිතවම තීරණය කළ හැකිවීමයි. එමෙන්ම මෙමගින් වෙනත් පිළිකා ඖෂධ වලින් ඇති කරන හිසකෙස් හැලීයාම වැනි අතුරු ආබාධ වළක්වන බව තහවුරු කරගෙන තිබෙනවා.

 

 

එම ඖෂධය SeNBD යනුවෙන් නම් කර ඇති අතර මෙය වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක් සිදු කරනු ඇති බවට ප්‍රකාශ වී තිබෙනවා.

views

3175 Views

Comments

arrow-up