හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු කොමිසමෙන් නිර්දේශ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු කොමිසමෙන් නිර්දේශ

හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු කොමිසමෙන් නිර්දේශ

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින ප්‍රහාරය ට අදාලව එරෙහිව අපරාධ මේ චෝදනා ගොනු කිරීමට ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට ඒ සම්බන්ධයෙන් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.

 

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීමට චෝදනාවලට අදාළව එම නිර්දේශ කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

 

තවද එම කොමිසමේඅවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ එවකට බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන නිලධාරීන්ට එරෙහිවද අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇත්තේ පියවර ගත යුතු බවටයි.

 

ප්‍රහාරයක් ඇතිවීම සඳහා ඊට අදාල ව ආගමික අන්තවාදය පිලිබද ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම මෙම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පෙන්වා දෙනවා.

 

අප්රේල් 21 බෝම්බ ප්‍රහාරය විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් අද කතානායකවරයා වෙත ලබා දුන් අතර එම වාර්තාවේ පිටු කිහිපයක් මන්ත්‍රීවරුන් විසින් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

 

 

 

 

 

 

views

931 Views

Comments

arrow-up