ශ්‍රී ලංකාවේ පළමු කාන්තා DIGට එරෙහි පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

ශ්‍රී ලංකාවේ පළමු කාන්තා DIGට එරෙහි පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

ශ්‍රී ලංකාවේ පළමු කාන්තා DIGට එරෙහි පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

ශ්‍රී ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස්වීම් ලැබූ බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ දිවි උසස්වීම බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම මැයි 18 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

 

ජෙෂ්ට පොලිස් අධිකාරිවරුන් 32දෙනෙකු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබූ අතර එය අද දින අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උසස් වීම ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අපේක්ෂා කරන බව කියා සිටියා.

 

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ එම පෙත්සමට අදාළ ලේඛන තම පාර්ශවය වෙත තවමත් ලැබී නැති බවයි. විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් සති තුනක් ඇතුළත උණු කරන ලෙස වගඋත්තරකාර පාර්ශවය වෙත දැනුම් දුන්නා.

 

නියෝජ්‍ය පොලිස්පති ධුරයකට පත් කිරීමේ උසස්වීම් පටිපාටිය පටහැනි ලෙස මෙම පත්වීම සිදුකර ඇති බවට පෙත්සම්කරුවන් පෙත්සම ගොනු කර තිබෙනවා.

views

769 Views

Comments

arrow-up