වැඩි මිලට සිමෙන්ති වික්කොත් වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

වැඩි මිලට සිමෙන්ති වික්කොත් වැඩ වරදී

වැඩි මිලට සිමෙන්ති වික්කොත් වැඩ වරදී

වෙළදපොළෙහි සිමෙන්ති හිඟයක් මතු වීම හේතුවෙන් මේ වනවිට ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය වී තිබේ.

 

ඇතැම් අලෙවිසල්වල සිමෙන්ති සීමා කර පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1200 ඉක්මවා අලෙවි වන බවට තොරතුරු වාර්තා වී තිබේ.

 

මේ වන විට වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබේ.

 

ඒ අනුව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

views

808 Views

Comments

arrow-up