හිටපු මැති ඇමතිවරු 22කට එරෙහිව නඩු පැවැරීමට සූදානම්

රජයේ නිල නිවාස භාර නොදුන් , හිටපු කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ඇතුළු රජයේ තනතුරු දැරූ 22 දෙදෙනකුට එරෙහිව ලබන 11වැනිදාට පසු නඩු පැවැරීමට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම් වෙයි.
මෙම නඩු පැවැරීම මාර්තු 6 වැනිදා සිදු කිරීමට නියමිතව තිබුණත් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා එය නොහැකි වූ බව අමාත්‍යාංශ ලේකම් එස්.
හෙට්ටිආරච්චි මහතා උපුටා දක්වමින් අද පුවත් පත් වාර්තාකර තිබේ.
රවුෆ් හකීම්,චන්ද්‍රානි බණ්ඩාර ,දුනේෂ් ගන්කන්ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න,අමීර්අලි ,ජේ.සී.අලවතුවල, අශෝක අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස,එම්.හාරීස්, ෆයිසාල් කාසිම්, සෙල්වම් අඩෙක්කලනාදන්,රවින්ද්‍ර සමරවීර,ඒ.එල්.එම්.හලීම්,ෆයිසර්මුස්තාපා, චන්දිම වීරක්කොඩි, දුලිප්විජේසේකර, ටී.බී.ඒකනායක,ජගත් පුෂ්පකුමාර සහ එල්.එම්.ඒ.හිස්බුල්ලා එම පිරිසටඅයත් බව අමාත්‍යාංශ වාර්තාවල සඳහන්ය.
මෙම හිටපු ඇමැතිවරුන්ට නිවාස භාරදීමට මාස තුනක කාලයක් ද ලබා දී තිබිණ.
1360 Views
Comments