දරුවාගේ මරණයට රෝහල වගකිවයුතුයි - දෙමපියන්ගෙන් චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

දරුවාගේ මරණයට රෝහල වගකිවයුතුයි - දෙමපියන්ගෙන් චෝදනා

දරුවාගේ මරණයට රෝහල වගකිවයුතුයි - දෙමපියන්ගෙන් චෝදනා

 

සිව් හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් ආණමඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව ප්‍රදේශයෙන්  වාර්තා වෙයි.

 

 

දු‍ෂේන් සංචිත නමැති සිය දරුවා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෙනත් රෝහලක් වෙත යැවීමට ආණමඩුව රෝහලේදී ප්‍රමාදවීමෙන් මේ ආකාරයට දරුවාගේ මරණය සිදුවූ බවට දෙමව්පියන් රෝහලට චෝදනා කරයි.

 

 


නමුත් මෙම රෝගියාට ප්‍රතිකාර කිරීමේදී කිසිඳු ප්‍රමාදවීමක් සිදුනොවූ බව ආණමඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය පත්මිණී අබේසිංහ මහත්මිය ප්‍රකශ කලාය .

views

242 Views

Comments

arrow-up