රංජන්ට ජනාධිපති සමාව දෙනවා නම් හොඳයි - මහින්ද අමරවීර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

රංජන්ට ජනාධිපති සමාව දෙනවා නම් හොඳයි - මහින්ද අමරවීර

රංජන්ට ජනාධිපති සමාව දෙනවා නම් හොඳයි - මහින්ද අමරවීර

සිර දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගතහොත් එය ඉතා හොඳ තීරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේදී අද (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

 

එය තමාගේ පෞද්ගලික අදහස බවකී අමාත්‍යවරයා රන්ජන් රාමනායක මහතා දැන්වත් කට පරිස්සම්කර ගත යුතු යැයිද සඳහන් පැවසුවේය.

 

එතුමා සිරගතව සිටින්නේ සාපරාධී ක්‍රියාවන් නිසා නොව කට පාලනය කර නොගත් නිසා බව කී ඇමතිවරයා අධිකරණයට අපහාස කිරීම හොඳ දෙයක් නොවන බවද සඳහන් කළේය.

 

ඔහු ඒ සම්බන්ධව දැන් හොඳටම දඩුවම් විඳ ඇතැයිද කී අමරවීර මහතා රන්ජන් රාමනායක මහතා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට රජයට උදව්කළ මෙන්ම නොකළ කලාකරුවන් රැසක් එක්ව සිටීම හොඳ දෙයක් බවද කීවේය.

views

818 Views

Comments

arrow-up