පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදින්(30) ආරම්භ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදින්(30) ආරම්භ වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදින්(30) ආරම්භ වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (30) ආරම්භ වෙයි.

 

මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 738,050 දෙනකු සුදුසුකම් ලබා තිබේ.

 

අද දිනයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි කාර්යාල, විශේෂ පොලිස් ඒකක, පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද විමසීම සිදු කෙරේ.

 

එමෙන්ම නොවැම්බර් 01 වැනිදා හා 04 වැනිදා ත්‍රිවිධ හමුදා කඳවුරු හා සෙසු සියලුම රාජ්‍ය ආයතන ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

 

තවද ඉහත දිනවලදී ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයන්ට 07 හා 08 දිනවල තම සේවා ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇත.

 

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත අනන්‍යතාව තහවුරු කිරීමට ඉදිරිපත් කළ යුතු වෙයි.

views

141 Views

Comments

arrow-up