අරගලයට උදව් කළ සුදු කත අසාදු ගතකොට පිටුවහල් කිරීමට නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

අරගලයට උදව් කළ සුදු කත අසාදු ගතකොට පිටුවහල් කිරීමට නියෝග

අරගලයට උදව් කළ සුදු කත අසාදු ගතකොට පිටුවහල් කිරීමට නියෝග

ගාලු‍ මුවදොර අරගලයට එක්වෙමින් වීසා කොන්දේසි කඩ කළ බි්‍රතාන්‍ය පුරවැසි ස්කොට් ජාතික කේලි ෆෙසර්ට මේවන විට අතුරුදන්ව ඇත. 


රටින් පිටවීමේ නියෝගය නොතකා සැඟවී සිටින එම තරුණිය වහාම අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් කඳවුරට යැවීමට ආරක්ෂක අමාත්‍යාංශ උපදෙස් අනුව ආගමන විගමන නිලධාරීන්ට නියෝග කර තිබේ.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහයට ඈ සොයා විමර්ශන අරඹා ඇත.


කේලි ෆෙසර්ට මෙම 15 දාට පෙර රටින් පිටව යන ලෙස නියෝග කර තිබුණේ ඇයට එරෙහිව එල්ල වන වීසා කඩකිරීමේ චෝදනා පිළිගත් පසුවයි.


දැනටමත් මෙම විදෙස් කත සැඟ වී සිටින බවට මෙන්ම ඇයට මෙරට සිට උදව් උපකාර දෙන ඉහළ නිලධාරීන් ගැන අනාවරණය වෙමින් ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනාවරණය කළේය.

 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයව විදෙස් ගතවීමට ගුවන් ටික්ට් පත් ලැබෙන තුරු මිරිහාන ආගමන විගමන කඳවුරේ රැඳවීමටත්, අසාදු ලේඛන ගතකර ඈ පිටුවහල් කිරීමටත් නියෝග ලබාදී තිබේ.

views

205 Views

Comments

arrow-up