දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි - දිස්ත්‍රික්ක 03 කට නාය යාම් අනතුරු ඇඟවීම්ද නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි - දිස්ත්‍රික්ක 03 කට නාය යාම් අනතුරු ඇඟවීම්ද නිකුත් කරයි

දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි - දිස්ත්‍රික්ක 03 කට නාය යාම් අනතුරු ඇඟවීම්ද නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෑගල්ල, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක තුන සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

 

එම නිසා එම ප්‍රදේශවල කඳු බෑවුම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

 

එමෙන්ම අද දිනයේ දී නැගෙනහිර, මධ්‍යම, ඌව පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී විටින් විට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.

views

784 Views

Comments

arrow-up