දින කිහිපයක් හාමත්ව සිටි ඇත් පැටවා පණ්ඩුලගමට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

දින කිහිපයක් හාමත්ව සිටි ඇත් පැටවා පණ්ඩුලගමට

දින කිහිපයක් හාමත්ව සිටි ඇත් පැටවා පණ්ඩුලගමට

දින කිහිපයක් තනිවී අතරමංව හාමත්වී සිටි ඇත් පැටවෙකු මහත් පරිශ්‍රයකින් දරා සොයා ගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව තිබේ.

 

පසු ගිය දින කිහිපයේ කැකිරාව, කීරියගස්වැව ප්‍රදේශයේ ඇත් පැටවෙකු තනිව සැරිසරණ බවට ප්‍රදේශයේ ජනතාව දැක තිබේ. 

 

පසුව ගම්වාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාල වලට මේ බව දැනුම් දීමෙන් අනතුරුව එම නිලධාරීන් එම පැටවා සොයා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 

අනතුරුව රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කොට ඇත් පැටියා සොයා ගැනීමට කටයුතු කරන ලදී. 

 

ඇත් පැටවාට හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පණ්ඩුලගම වනජීවි කර්යාලයට ගෙන යෑමට පියවර ගෙන ඇත.

views

707 Views

Comments

arrow-up