කොවිඩ් ආසාදිතයින් 461ක් සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 461 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 22,261 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 7670 ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 30,075 ක්.
දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින් 26,516 ක් ලෙස වනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 144 ක්.
607 Views
Comments