ගිනි රකුසාට බිලිවූ රාගල පවුල සියල්ලන්ගේ සෝ සුසුම් මැද එකම වළක මිහිදන් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

ගිනි රකුසාට බිලිවූ රාගල පවුල සියල්ලන්ගේ සෝ සුසුම් මැද එකම වළක මිහිදන් වෙයි

ගිනි රකුසාට බිලිවූ රාගල පවුල සියල්ලන්ගේ සෝ සුසුම් මැද එකම වළක මිහිදන් වෙයි

නුවරඑළිය, රාගල, රාගල වත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමට ලක්ව පිලිස්සී මියගිය කුඩා ළමුන් ඇතුළු පස් දෙනාගේ අවසන් කටයුතු එම වතුයායේ වතු කම්කරුවන්ගේ සෝ සුසුම් මැද පසුගිය දින රාත‍්‍රි 10ට පමණ සිදුකර තිබේ.

 

ගින්නෙන් ජීවිතක්ෂයට පත් පස්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජේ.කේ. රාජගුරු මහතා විසින් සිදු කළ අතර, එහිදී ජීවිතක්ෂයට පත් පස් දෙනාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

 

 පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වීමෙන් අනතුරුව දේහයන් සහිත පෙට්ටි මුද්‍රා තබ වතුයායට රැගෙන ගොස් කිතුණු ආගමික වතාවන් පැවැත්වීමෙන් පසුව එකම වළක සිරුරු මිහිදන් කෙරිණි.

 

මරමුවට පත් අවු 01 වයසැති දරුවාගේ පළමු උපන්දින සාදය නිවස ගිනිගත් දින රාත්‍රියේ පවත්වා ඇති බවත්, උපන් දින සාදයෙන් පසු එදිනම රාත්‍රි 10.30ට පමණ ඔවුන් පදිංචිව සිටි තාවකාලික නිවස ගිනිගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේය.

 

 මෙලෙස මිහිදන් කරනු ලැබුවේ රාමයියා තංගයියා -සීයා(61), සෙල්වමුත්තු පෙච්චුමි -මිත්තණිය (57), තංගයියා සන්ද්‍යා -දරුවන්ගේ මව(34), දරුවන්ගේ මවගේ පෙර සැමියාගේ පුතෙකු වන සත්‍යනාදන් තුවාකරන්(13), මවගේ වර්තමාන සැමියාගේ පුතෙකු වන මොහන්දාස් හෙරෙෂන්(01) නමැති අයගේ සිරුරුයි.

 

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

views

813 Views

Comments

arrow-up