කෝටි 160කට විද්ද අඹුසැමි යුවළ රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකාර යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් නම් මූල්‍ය ආයතනයක් මඟින් ව්‍යාපාරවල ලභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.
විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එහි අධ්‍යක්ෂවරයා බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මඟින් 2021 වසරේදී ඉන්දියාවට පළා ගොස් ඇති බවය.
අනතුරුව සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කළ අතර එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරු සිය පවුලද සමග ඉන්දියාවේ වේදනායගම් ප්‍රදේශයට ගොඩබැසීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔවුන්ගේ 14 හැවිරදි දරුවා තාවකාලික පරිවාසයට යටත්ව මිත්තණිය වෙත මුදාහරිනු ලැබීය.
152 Views
Comments