MAR
22
කුවේට් රාජ්‍යයේ අසරණ වූ ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනකු අද (22) උදෑසන UL - 230 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට ළඟා වී ඇති බව වාර්තා වේ.
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු මෙලෙස යළි දිවයිනට එවා ඇති බව සඳහන් වේ.
237 Views
Comments