පෙට්‍රල් ගන්න ඩීසල් කැබ් රථ 2ක් පෙට්‍රල් කරයි

පෙට්‍රල් ලබා ගැනීම සඳහා ඩීසල් කැබ් රථ 2ක් අංක තහඩු ව්‍යාජ ලෙස වෙනස් කර බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ තිබේ.
එම අවස්ථාවේ දී කැබ් රථ දෙකේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරුක් මත මෙම කැබ් රථ 2 සොයාගෙන තිබේ.
මෙම කැබ් රථ දෙකේ ලියාපදිංච් අංක තහඩුවේ ඩීසල් වෙනුවට යොදන D අක්ෂරය ව්‍යාජ ලෙස P ලෙස සකස් කර තිබේ.
වැඩිදුර පරීක්ෂාවේ දී අනාවරණය වූයේ ඩීසල් යෙදූ ප්ලාස්ටික් බූලියක් ඇන්ජිම් කොටසේ කෙළවර තබා ඇන්ජිමට බට මාර්ගයෙන් සම්බන්ධ කර රථය පණ ගැන්විය හැකි ලෙස ඉතා සූක්ෂම සකස් කර තිබෙන බවයි.
522 Views
Comments