මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ආ "සතා නාලක" ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක්..?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ආ "සතා නාලක" ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක්..?

මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ආ "සතා නාලක" ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක්..?

සැකකරු 43 හැවිරිදි අශාන්ත නාලක හෙවත් සතා නාලක නමින් හඳුන්වන අයෙක්.

 

අදාළ සැකකරු හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වේ.

 

ගාලු මුවදොර ඇතිවූ සිද්ධියේදී ඔහු ස්කූටරයකින් පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සමග ගාලු මුවදොරට පැමිණ තිබුණි.

 

එමෙන්ම ඔහු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු බවද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන තිබේ.

 

මොහු මීට පෙර මිරිහානේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසල ඇතිවූ විරෝධතාවයේදී ගිනිගැනීමට ලක්වූ යුද හමුදා බස් රථය පදවාගෙන පැමිණ විරෝධතාකරුවන් ඉදිරිපිට නැවැත් වූ පුද්ගලයා බවටද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

 

මේ අතර මෙම පුද්ගලයා පසුගිය පස්වනදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී ද අරගලකරුවන්ට විරුද්ධව අදහස් පලකළ අයෙකි

views

738 Views

Comments

arrow-up