දුම්රිය ගමන් නැවත්වූ මෘත දේහය

දුම්රියේ ගැටී මියගිය බවට සැක පුද්ගලයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගයෙන් ඉවත්කර නොගැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.
අද උදෑසන 6.30ට පමණ පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නේදී මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බවට තොරතුරු වාර්තාවෙයි.
කෙසේ වෙතත් උදෑසන 9පමණ වනතෙක් දුම්රිය මාර්ගයෙන් අදාළ පුද්ගලයාගේ මළ සිරුර ඉවත්කර නොගැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
කෙසේ වෙතත් පසුව පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගැනීමට පියවර ගෙන ඇත.
මෙලෙස දුම්රිය අනතුරට ලක්ව මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
221 Views
Comments