හෙට සිට සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින්

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.
නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (05)
දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල , පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.
830 Views
Comments