දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව ඇසුරු කළ 400ක් හඳුනාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව ඇසුරු කළ 400ක් හඳුනාගනී

දිවුලපිටියේ කොවිඩ්  ආසාදිත කාන්තාව ඇසුරු කළ 400ක් හඳුනාගනී

කොවිඩ් -19 රෝගියෙකු ලෙස හඳුනා ගැණුනු ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

 

මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කළේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය.

 

අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

views

758 Views

Comments

arrow-up