කොවිඩ් සාර්ථකව පාලනයෙන් ශ්‍රි ලංකාව දෙවන තැනට

චීන පර්යේෂණ ආයතනයක් කරනු ලැබූ පර්යේෂණයකින් කොවිඩ් – 19 ගෝලීය වසංගතය පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානය ලබාගෙන තිබේ.
චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “යීකායි” පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් – 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැළකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇත.
මේ සඳහා රටවල් 108ක් යොදාගෙන ඇත. එම සමීක්ෂණයෙන් කොවිඩ් – 19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණ දුන් රටවල් අතර මුල්තැන චීනය ලබාගෙන ඇත.
දර්ශකයේ දෙවැනි ස්ථානය සමස්ත ලකුණු 59.2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබේ.
සමික්ෂණයට අනුව කොවිඩ් සාර්ථකව මැඩලූ ප්‍රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.
840 Views
Comments