APR
29
මයිනාගෝගම විරෝධතාකරුවෙකු රෝහල්ගත කෙරේ

අග්‍රාමාත්‍යවරයාට විරෝධය පල කරමින් අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන මහජන විරෝධතාවය අතරතුරදී පොලිස් නිළධාරින් හා විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක් අද පෙරවරුවේ ඇතිවුනා.
විරෝධතාකරුවන් අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිස් නිළධාරින් උත්සහ දැරීමත් සමගයි මෙම තත්වය නිර්මාණය වුනේ.
මේ අතර එම ස්ථානයේ මාරාන්තික උපවාසයක නිරත වූ තරුණයෙකු අසාධ්‍ය වීමත් සමග රෝහල්ගත කිරීමටයි පියවර ගැනුනේ.
715 Views
Comments