උණ්ඩ තොගයක් සමඟ හමුදා කෝප්‍රල් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

උණ්ඩ තොගයක් සමඟ හමුදා කෝප්‍රල් අත්අඩංගුවට

උණ්ඩ තොගයක් සමඟ හමුදා කෝප්‍රල් අත්අඩංගුවට

යුද්ධ හමුදාවේ සේවයේ නියුතු අයෙකුගේ පෞද්ගලික නිවසක මුළුතැන්ගෙයි සඟවා තිබූ ටී 56 ගිණි අවිවලට යොදන ජීව උන්ඩ 235ක් අඟුණකොළපෑලැස්ස පොලීසිය විසින් ඊයේ (21) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසියට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව සිදු කළ සෝදිසි කිරීමකින් අනතුරුව මෙම ජීව උන්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ බරවකුඹුක වැටිය ප්‍රදේශයේදීය.

 

යුද්ධ හමුදාවේ කෝප්‍රල්වරයෙකු වශයෙන් ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන අයෙකුගේ නිවසේ උඩුමහලේ පිහිටි මුළුතැන් ගෙයි පොහොර උරයක සඟවා තිබියදී මෙම උන්ඩ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය විසින් නිවසේ වාසය කළ කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය යුද්ධ හමුදා නිළධාරියාගේ බිරිද බව පොලීසිය කියයි.

 

සැකකාරිය හා උන්ඩ තොගය අද (22) දින අඟුණකොලපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනු අතර වැඩි දුර විමර්ශන අඟුණකොළපෑලැස්ස පොලීසිය විසින් සිදුකරනු ලබයි.

 

මේ අතර උන්ඩ තොගය තිබුණු නිවසේ හිමිකරුවන යුද්ධ හමුදා කෝප්‍රල්වරයා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වවුනියාව පොලීසියට බාර දී ඇති බව පොලීසිය කියයි.

views

228 Views

Comments

arrow-up