උසාවි නියෝග, නිරෝධායන නීති කඩ කළ පෙරටුගාමීන් 10ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

උසාවි නියෝග, නිරෝධායන නීති කඩ කළ පෙරටුගාමීන් 10ක් අත්අඩංගුවට

උසාවි නියෝග, නිරෝධායන නීති කඩ කළ පෙරටුගාමීන් 10ක් අත්අඩංගුවට

අමෙරිකානු තානාපති කාර්යල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පොලීසිය විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම විරෝධතාව සංවිධානය කළේ, අමෙරිකාවේ ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනය හෙලා දකිමින් ය.

 

අද පැවැත්වීමට නියමිත විරෝධතාව වළක්වමින් ඊයේ දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසිය නියෝගයක්ද ලබා ගෙන තිබුණා.

 

කොල්ලුපිටිය මංසන්දියේ විරෝධතාව ආරම්භ කිරීමට සුදානම් වූ අවස්ථාවේදීම එම ස්ථානයට පැමිණී පොලීසිය රැස්වී සිටි පිරිස විසුරුවා හරිමින් 10දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

 

 

views

751 Views

Comments

arrow-up