සෙට්ටිකුලමේදී හමුදා භට කණ්ඩායමකට වෙඩි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

සෙට්ටිකුලමේදී හමුදා භට කණ්ඩායමකට වෙඩි ප්‍රහාරයක්

සෙට්ටිකුලමේදී හමුදා භට කණ්ඩායමකට වෙඩි ප්‍රහාරයක්

වවුනියාව – සෙට්ටිකුලම විල්පත්තු කැළය ආශ්‍රිත ක්‍රියාන්විත රාජකාරියේ නිරත හමුදා භට කණ්ඩායමක් ඉලක්ක කරගෙන ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් සිදු කර තිබෙනවා .

 

එහිදී හමුදා භට කණ්ඩායම එල්ල කල ප්‍රති ප්‍රහා වලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා .

 

තුවාල ලැබූ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වන්නේ

 

ඊයේ රාත්‍රියේ 22 කුගෙන් සමන්විත අදාළ හමුදා භට කණ්ඩායම වෙත ආයුධ සන්නද්ධව සිටි තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

 

ආයුධ සන්නද්ධව සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා පලාගොස් ඇති අතර, ඔවුන් සොයා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන සිදුකරනවා.

 

 

views

893 Views

Comments

arrow-up