අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු හඳුනා ගනි

අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 487 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ මිට පෙර කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබූ අයවළුන්ගේ ආශ්‍රිතයින්ට බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13,590ක් වන අතර දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,107ක් වනවා.
736 Views
Comments