වෙලේ සුදාගේ සොහෝයුරා ගිනි අවියක් සමඟ මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ඩබල් බැරල් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජ ගල්ගොඩ ගේ සුනිමල් කුමාර නොහොත් තාජු නමැත්තාය.
සැකකරු සතුව ගිනි අවියක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව ගෝනපොල කෝරලඉම ප්‍රදේශයේ නිවසක දී සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සැකකරු ගෙන් අනාවරණය වු තොරතුරු සහ මගපෙන්වීම අනුව රත්මලාන කාශියා මාවතේ පාලම අසල කසල ගොඩක් යට කොටස් දෙකකට කඩා සඟවා තිබූ ගිනි අවිය සහ ජීව උණ්ඩය සොයාගත් බව සොයා ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අධිකරණය මගින් වරෙන්තු දෙකක් සැකකරුට විරුද්ධව නිකුත් කර ඇති බවත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බව පවසන පොලිසිය මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් තැනැත්කු බවත් පොලිසිය කියයි.
සැකකරුගේ සහෝදරයා වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුදා නමැත්තා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි
196 Views
Comments