හිටපු කොටි වළ දැමූ අවි සහ රත්‍රං සොයා කැණීම්

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ රත්තරන් හා අව ආයුධ තොගයක් වළ දමා ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ ඉඩමේ කැධෑම් කටයුතු 9 දා ආරම්භ කොට තිබේ.
පොලිසිය විසින් මුලතිව් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මෙම කැධෑම් කටයුතු ආරම්භ වූ අතර එම කැධෑම් මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපිටදී සිදු කෙරිණි.
බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් සිදු කෙරුණු මෙම කැණීම්වල මුල් අඩි 8 ක ගැඹුරේදී කිසිදු සැකකටයුතු යමක් හමු වී නොතිබුණි.
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට ලබා දෙන ලද රහසිගත තොරතුරකට අනුව මෙම ස්ථානයේ කැධෑම් කටයුතු ආරම්භ කොට තිබේ.
226 Views
Comments