ලාංකීය කතුන් 85ක් කළුවර කාමරයක
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

ලාංකීය කතුන් 85ක් කළුවර කාමරයක

ලාංකීය කතුන් 85ක් කළුවර කාමරයක

ශ්‍රී ලාංකීය කාන්තාවන් 85 දෙනෙකු ඩුබායි හි රැඳවුම් කාමරයක සිර කරගෙන සිටින පුවතක් වාර්තා වනවා.

එලෙස සිරකරගෙන සිටි කාන්තාවක් මෙරටට පැමිණීමෙන් පසු මේ සම්බන්ධව හෙළි වී තිබෙනවා.

දඹුලු ඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා පද්මිණී නැමැති අදාළ කාන්තාව දඹුල්ලේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් විදෙස් ගතවී ඇති අතර මාස තුනක කාලයක් අදාල රැඳවුම් කඳවුරේ සිරගතව සිට තිබෙනවා.

මේ පිළිබදව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලිසියට හා විදේශ ගත කළ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්න ද මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවයි ඇය ප්‍රකාශ කර සිටියේ. 

views

210 Views

Comments

arrow-up