වකුගඩු රෝගයට හේතුව රසායනික කියා ආණ්ඩුව මිථ්‍යා මත පතුරවනවා - සජිත් ප්‍රේමදාස
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

වකුගඩු රෝගයට හේතුව රසායනික කියා ආණ්ඩුව මිථ්‍යා මත පතුරවනවා - සජිත් ප්‍රේමදාස

වකුගඩු රෝගයට හේතුව රසායනික කියා ආණ්ඩුව මිථ්‍යා මත පතුරවනවා - සජිත් ප්‍රේමදාස

රජරට ප්‍රදේශයේ පැතිරෙමින් පැවති වකුගඩු රෝගයට එකම හේතුව රසායනික පොහොර භාවිතය බවට මිත්‍යා මත හුවා දක්වමින් ඒ පිළිබඳ කිසිදු විද්‍යාත්මක හා පර්යේෂණාත්මක සොයා බැලීමක් නොකර ක්ෂණිකව පොහොර තහනම් කිරීමට පියවර ගැනීම අමනෝඥ ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

 

ලෝකයට කැපී පෙනෙන්නකු බවට පත්වීමේ එක් පුද්ගලයකුගේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් සුවහසක් වූ මෙරට ගොවි ජනතාවගේත්, සමස්ත පුරවැසි පරපුරේත් ජීවිත උකසට තබා කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද විපක්ෂ නායකවරයා සිය ‍නිවේදනයෙන් පෙන්වා දෙයි.

views

722 Views

Comments

arrow-up