හැමිල්ටන් ඇළේදී ධීවර යාත‍්‍රා එන්ජිමක ඇමිනුණු මළසිරුර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

හැමිල්ටන් ඇළේදී ධීවර යාත‍්‍රා එන්ජිමක ඇමිනුණු මළසිරුර

හැමිල්ටන් ඇළේදී ධීවර යාත‍්‍රා එන්ජිමක ඇමිනුණු මළසිරුර

හිසේ තුවාල සහිතව මියගොස් සිටි උස අඩි 5යි අඟල් 4 ක් වන, වයස අවුරුදු 45 ක පමණ පුද්ගලයකුගේ නාඳුනන මළසිරුරක් පෙරේදා(24) වත්තල, හේකිත්ත පන්සල ඉදිරිපිට ඇති හැමිල්ටන් ඇළේ තිබී හමුවූ බව වත්තල පොලිසිය පවසයි.
 


අලූයම 4.30 ට පමණ හැමිල්ටන් ඇළේ ගමන් ගත් ධීවර යාත‍්‍රාවක එන්ජිමක පැටලී තිබුණු මෙම මල සිරුර පිළිබඳව පොලිසියට ලද තොරතුරක් මත එය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
 


 ධීවරකටයුතු වලට යෑම සඳහා අලූයම හැමිල්ටන් ඇළේ තම ධීවර යාත‍්‍රාව පදවමින් සිටියදී හේකිත්ත පාලම යටදී තම යාත‍්‍රාව ක්‍රියාවිරහිත වූ බවත්, එම අවස්ථාවේ එය පරීක්ෂා කිරීමට දියට බට අවස්ථාවේදී එන්ජිමට ඇමිණී සිටි පුද්ගලයකු දක්නට ලැබුණ බවත් ධීවර යාත‍්‍රාව පැදවූ අය පැවසූ බව පොලිසිය සඳහන් කරයි.


 
අදාළ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
 


වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් අනුව උ.පො.ප. රිශාන් සේනානායක මහතා ඇතුලූ නිලධාරින් පිරිසක් වැඩි දුර පරීක්ෂණ පවත්වන අතර වත්තල පොලිසිය අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට මහජන සහය පතයි.

 

views

26920 Views

Comments

arrow-up