විදුලි සේවකයා සහ තවත් අයෙක් විදුලි රැහැනේ පැටලී අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

විදුලි සේවකයා සහ තවත් අයෙක් විදුලි රැහැනේ පැටලී අවසන් ගමන් යයි

විදුලි සේවකයා සහ තවත් අයෙක් විදුලි රැහැනේ පැටලී අවසන් ගමන් යයි

පැල්මඩුල්ල, බටලන්ද, සිංහපුර දී වල් ඌරන් සඳහා ඇද තිබු අනවසර විදුලි රැහනකට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලීසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ සිංහපුර ඊරියමුල්ල පදිංචි රම්පටි මනන්නලාගේ පුන්සිරි පුෂ්පකුමාර නැමති තිස්නව හැවිරිදි තිදරු පියෙකු සහ ඊරියමුල්ල කට්ටඩිගේ දිනේෂ් මධුශංඛ නැමති තිස් එක් හැවිරිදි එක් දරු පියෙකි.

 

මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා බහුකාර්යය සංවර්ධන නිලධාරියෙකි.

 

මියගිය අය තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඊයේ රාත්‍රී 10 .45ට පමණ පතලක් කැපීම සඳහා කුඹුරට යන අතර වල් ඌරන් මැරීමට යොදා තිබූ අනවසර විදුලි රැහනකට හසු වී මෙම සිදුවීම සිදුව ඇතැයි පැල්මඩුල්ල පොලීසිය පවසයි.

views

782 Views

Comments

arrow-up