මැදවච්චිය ප්‍රා.සභා මන්ත්‍රී අයිස් සමඟ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

මැදවච්චිය ප්‍රා.සභා මන්ත්‍රී අයිස් සමඟ මාට්ටු

මැදවච්චිය ප්‍රා.සභා මන්ත්‍රී අයිස් සමඟ මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් හතළිහක් සන්තකයේ තබාගෙන අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව උද්‍යානයේ සැක කටයුතු ලෙස රැඳී සිටි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පෙරේදා (08) සවස අනුරාධපුර පොලිසියේ නොවිසිදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 


සති අන්ත දිනවලදී පෞද්ගලික උපකාරක පන්ති යන මුවාවෙන් සිය නිවෙස්වලින් අනුරාධපුර නගරයට පැමිණ උපකාරක පන්ති නොගොස් කට්ටි පැන නිකරුණේ කාලය ගත කිරීමට කුම්බිච්චන්කුලමවැව උද්‍යානයට පැමිණෙන පාසල් සිසුන් සහ සිසුවියන් එහි පැමිණීම වැළැක්වීම සඳහා පෙරේදා (08) දවල් 12.40 ට පමණ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම උද්‍යානයේ සැක කටයුතු ලෙස බැංකුවක් මත වාඩිවී රැඳී සිටි අදාල සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සමග මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



මැදවච්චිය කටුවෙල ප්‍රදේශයේ පදිංචි විසිනව වන වියෙහි පසුවන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන් මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බව පොලිසියට ප්‍රකාශ කොට ඇත.



එමෙන්ම එම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා තමන් රැගෙන ආ බවත් සැකකරු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.

views

239 Views

Comments

arrow-up