අතුරුදහන්ව තිබූ චීන නැව හම්බන්තොට වරාය ආසන්නයෙන් මතු වෙයි

මතභේදයකට තුඩු දී ඇති චීන පොහොර රැගත් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මේ දක්වාත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා පවසයි.
අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ බව නාවික දත්ත ඇතුළත් "ෆිලීට්මොන්" වෙබ් අඩවිය තොරතුරු අනාවරණය කර තිබුණි.
එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ "හිපෝ ස්ප්‍රිට්" නෞකාවේ හඳුනාගැනීමේ අංකයෙන්ම "සෙයියෝ එක්ස්ෆ්ලෝර්" නමැති නෞකාව හම්බන්තොට මුහුදු සීමාවට ඇතුළු වූ බවය.
කෙසේවෙතත් එම නෞකාව කුමන වරායක සිට පැමිණියේ ද යන්න සම්බන්ධයෙන් සටහන් කර නොතිබු බව ද සඳහන් වෙයි.
695 Views
Comments