දක්ෂිණ අධිවේගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

දක්ෂිණ අධිවේගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

දක්ෂිණ අධිවේගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ අද අළුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

 

කොට්ටාව සිට ගාල්ල බලා ධාවන වූ වෑන් රථයක්, ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි .

 

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 62 හැවිරිදි පුද්ගයෙකු මියගොස් ඇත.

 

තවත් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

 

වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

views

138 Views

Comments

arrow-up