සුඛෝපභෝගී රථවලින් මත් පෙති ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

සුඛෝපභෝගී රථවලින් මත් පෙති ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට

සුඛෝපභෝගී රථවලින් මත් පෙති ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයකින් සහ වෑන් රථයකින් රුපියල් ලක්ෂ දහයකට 10කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අලුබෝමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පානදුර හිරණ ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

 

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත් කුඩුවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස ලබාගන්නා මත්පෙති 9,000කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් මාලමුල්ල සහ හිරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 38 අතර වන මෙම සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

294 Views

Comments

arrow-up