AUG
28
රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමක් හෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් හෙට (30) පැවැත්වීමට නියමිතය.
එදින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව මෙම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී පැවැත්වීමට නියමිතය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
281 Views
Comments