අඹ සනා ඝාතනයට තුන්දෙනෙක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

අඹ සනා ඝාතනයට තුන්දෙනෙක් අල්ලයි

අඹ සනා ඝාතනයට තුන්දෙනෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අඹ සානා නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත්වී තිබෙනවා.

 

ඊයේ(15) දිනයේදී සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

අදාළ සැකකරුවන් තිදෙනා කැලණිය ප්‍රදේශයේ පදිංචි 26,38 හා 39 යන වයස්වල පසුවන්නන්.

 

අදාල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය මස විසි එක් වන දායි.

views

277 Views

Comments

arrow-up