ඝාතනයකින් කෙළවර වූ සහෝදරයින් දෙදෙනාගේ මුදල් ආරවුල
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

ඝාතනයකින් කෙළවර වූ සහෝදරයින් දෙදෙනාගේ මුදල් ආරවුල

ඝාතනයකින් කෙළවර වූ සහෝදරයින් දෙදෙනාගේ මුදල් ආරවුල

ග්‍රෑන්ඩ්පාස්, කජිමාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

 

සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ මුදල් ආරවුලක් දුරදිග ගොස් ඊයේ(20) මෙම ඝාතනය සිදුව ඇතැයි පාලීසිය සඳහන් කරයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ 26 හැවිරිදි ෆර්හිෂන් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

 

මෘත ශරීරය මේවන විට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(21) සිදුකිරීමට නියමිතව තිබේ.

 

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා 28 හැවිරිදි ෆර්හිෂන් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

සැකකරු අද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

708 Views

Comments

arrow-up