වසරේ පළමු පෝයට අගමැති කැලණි රජ මහා විහාරයට යයි (PHOTOS)

නව වසරේ පළමු ව පොහොය දිනය වෙනුවෙන් කැලණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කැලණි විහාරස්ථානය වෙත ගොස් තිබෙනවා.
එහි අග්‍රාමාත්‍යවරයා වූ විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැදැක සුවදුක් විමසා සිටියා.
එම අවස්ථාවේදී රටේ දේශපාලන සාමාජීය හා ආර්ථික ක්ෂේත්‍රයන්ට අදාළව ධර්මානුකුල පිළිවෙත් විහාරාධිපති හිමියන් අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කර තිබෙනවා.
නා පැළ ඇතුළු ශාක විශේෂ රෝපණය සඳහා එහි සිටි මහා සංඝරත්නයට අග්‍රාමාත්‍යවරයා විසින් පූජා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.
770 Views
Comments